තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සදහන් .සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් මුහුදු ප්‍රදේශයේ සුළං පැ.කි.මී. 70ත් 80ත් අතර පැවතිය හැකි අතර එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා .මෙම මුහුද ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාරතමේන්තුව අනතුරු අගවනවා .එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව විසින් ඉදිරයේ දී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා තිබෙනවා .
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














