ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථනායේ අනාවැකි අංශය මගින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 4න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.
සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවින බවද කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.













