කාම්බෝජයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙහිදී පිරිමි 05ක් සහ එක කාන්තාවකගෙන් සන්විත එම පිරිස ඊයේ රාත්‍රියේ ශ්‍රී ලකාවට පැමිණි තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉල්ලීම මත කාම්බෝජ පොලීසිය මැදිහත් වී මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීමටයි කටයුතු කර තිබෙන්නේ.
මිනිස් වෙළඳාම්කරුවන් it ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා දෙන බවට සහ කැනඩාව ඇතුළු යුරෝපීය රටවලට යවන බවට පොරොන්දු වෙමින් තරුණ තරුණියන් කාම්බෝජය වෙත ගෙන්වා අතරමං කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.
පසුගිය කාලය පුරා තායිලන්ත හා මියන්මාර තානාපති කාර්යාල හරහා දියත් කළ මෙහෙයුම් හේතුවෙන් නැගෙනහිර ආසියානු කලාපයේ මිනිස් වෙළඳාමට ගොදුරු වූ සියයකට අධික පිරිසක් බේරා ගැනීමට හැකි වූ බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ඕස්ටේ්රලියානු මාධ්‍යවේදිනියගේ අත්බෑගයට ගේම දුන් සැකකරු අත්අඩංගුවට
- දියේ ගිලි අයෙක් මරුට
- මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි
- වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 24ක් ඉදිකිරීම් ඇරඹෙයි
- බයික් ඉස්සූ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි
- 2026 පළමු පාසල්වාරය හෙට ඇරඹෙයි
- කෝටි ගානක රන් සමග ගුවන් සේවිකාවක් අත්අඩංගුවට
- සැකකටයුතු මරණයක්













