වැන් රථයක් දුම්රියක ගැටීමෙන් අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදුව තිබෙනවා.
අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සීලානන්ද පාර දුම්රිය හරස් මාර්ගයේදී අද(09) උදෑසන මෙම අනතුරව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් වෑන් රථයක කාන්තාවක් විසින් පදවා ඇති අතර ඇයට අනතුරෙන් තුවාල සිදුව තිබෙනවා.
මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වෑන් රථය ගැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.