කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා
ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි.
තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3ට විශාඛාපට්නම්හිදී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන්නේ එංගලන්ත කාන්තාා කණ්ඩායමයි.
ඒ් ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහණය කරමින්.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කරමින්.
ඉන්දීය කාන්තා කණ්ඩායම එහි තුන්වන ස්ථානයෙහි පසුවනවා.
ඒ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කරමින්.