කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ රාත්‍රීයේදී මෙම කණ්ඩායම් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් සැප්තැම්බර් 30 වන දා ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත අතර, ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදී සහ ශ්‍රී ලංකාවේදී එක් ක්‍රීඩාංගණයකදී තරගාවලියේ තරග ක්‍රියාත්මක වනවා.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7කට මුහුණදීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, බංග්ලාදේශ සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගය ආර් ප්‍රේමාදස ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 03ට ආරම්භ වනවා.
තරගය නැරඹීමට මෙරට සියලු ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.