කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී
වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
එමෙන්ම කතෝලික සභාවේදී මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයන්ද එක්ව තිබුනා.