ධීවර,කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර දියුණු කර එම අංශවල විශේෂඥ දැනුම සහිත ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලීමක් කළේය.
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියකොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැති අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදු කෙරුණි.
දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වෙන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම මෙන්ම එමගින් ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.