පසුගිය 22 වැනිදා බොරැල්ල කාදර්නානා වත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි බවට සැක කරන යතුරු පැදියක්ද බොරැල්ල පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යතුරු පැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.