ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ.
ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බහුලව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර එම කරුණු සලකා බලමින් අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වුනේ.
අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව අවශ්‍ය ආයතනවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවට මුහුණ දී ඇති ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුව මගින් සිදුකරනු ඇති බවයි.
උණුසුම් පුවත්
- පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර
- මාතර බන්ධනාගාරයට ළඟදීම ස්ථාන මාරුවක්
- ඉදිරි පැය 36 වැස්ස වැඩිවීම ගැන අනාවැකියක්
- තරුණියන්ට උසුළුවිසුළු කළ තරුණයන් දෙදෙනාට සුපිරි සංග්‍රහයක්
- 5000ක අල්ලසක් ගත් අධිකරණ නිලධාරියා මාට්ටුයි
- ප්රභාගේ අවි ගැන අර්චුනාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු
- පොලිසියට සද්දෙයක් දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය කූඩුවට
- මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට අලුත් තනතුරක්