2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පවසනවා. මේ අනුව එම වර්ෂයේ ක්‍රිකට් තරග පාවාදීම්, තහනම් උත්තේජක භාවිත කිරීම් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව නවයක් බයි එම ඒකකය සඳහන් කළේ. 2024 වර්ෂයේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 27 ක් වන අතර ඊට ක්‍රිකට්, එල්ලේ, හොකී, ජූඩෝ, මේස පන්දු, කබඩි සහ බැට්මින්ටන් ඇතුළු තවත් ක්‍රීඩා රැසක් ඇතුළත්. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 2024 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සහ ලේජන්ඩ් කුසලාන තරගාවලියේදී සිදු වු සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බවද සඳහන්. මේ අතර, මෙම වසරේ ගතවු මාස හය තුළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුනක් බව පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් පසුගිය 2024 වර්ෂයේ පළමු මාස හයට පමණක් ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 06 ක් බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
- ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්













