ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා.
ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා වසර 10 කට වැඩි කාලයක් ගතව ඇති පසුබිමකයි.
ක්‍රීඩා සමාජ සදහා මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය 2009 වසරේ සිට 2014 දක්වා පැවැති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සංවිධාන කර තිබුණා.
කෙසේ වෙතත්, එම තරගාවලිය යටතේ පැවැත්වුණේ තරග වාර හයක් පමණක්.
ප්‍රේක්ෂක ප්‍රතිචාර අවම වීම නිසා එම තරගාවලිය 2014 වසරෙන් පසුව අත්හැර දමා තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් මෙවැනි තරගාවලියක අවශ්‍යතාවය යළි පෙන්වා දී තිබෙනවා.
පිරිමි හා කාන්තා අංශ දෙකෙන්ම මෙම ක්‍රීඩා සමාජ ලෝක ශූරතා තරගාවලිය පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.