කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ නැඹුරුතාවයක් නොමැති බව ශ්රී ලංකා සීමිත පන්දුවාර ක්රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ දේශපාලන පක්ෂයක ප්රචාරනයක් සදහා සිය ඡායාරූපයක් සංසරණය වන බවට තමාට නිරීක්ෂණය වූ බවයි.
කෙසේ වෙතත්, තමා කිසිදු පක්ෂයකට නැඹුරුතාවයක් නොදක්වන බවත්, තානාපතිවරයෙකු ලෙස තමා කිසිදු අයුරකින් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නොමැති බවත් දසුන් සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.