දුෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා.
අදාළ විවාදය ඊයේ දිනය පුරා පැවති අතර ක්‍රිඩා අමාත්‍යවරයාගේ පිළිතුරු කතාවෙන් පසුව යෝජනාව සම්මත වු බව කානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊට ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවුණා.
හඬ පට ධාවකයයෝජනාව සම්මත වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යට අදහස් පලකළා.
අදාළ යෝජනාවට නම් වශයෙන් ඡන්දය ලබා දීමේ අවස්ථාව කතානායකවරයා විසින් අහිමි කළ බවයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ.
හඬ පට ධාවකය