කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තරුණයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද සඳහන්. මාසයක කාලයක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 30 වැනිදා නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියට ද චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි ජාතික පොලිස් කොමිසම පවසන්නේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










