Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි

    කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි

    2025-06-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.403 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කහටගස්දිගිලිය නගරය භීතියට පත්කරමින් අපරාධ රැසකට සම්බන්ධව සැගවීසිටි මත්කුඩු කල්ලියක් පසුගියදා 19 වනදා අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හටගස්දිගිලිය, ඇල්ලවැව, සීප්පුකුළම යන ප්‍රදේශවල පදිංච්කරුවන් වන ඩී. සාරංග දිසානායක, ඩී. සමීර සුගත් දිසානායක, විරාජ් ආසිරි, ධනුශ්ක කුමාර, ශෙහාන් ජයවර්ධන යන සැකකරුවන් 5 දෙනෙකුයි.

    මෙම සැකකරුවන් කහටගස්දිගිලිය සහ එහි අවට ප්‍රදේශයන්වල මත්කුඩු ජාවරමේ නිරත්වෙමින් මත්කුඩු බෙදාහැරීම් සිදුකර තිබෙනවා.

    ඒ අනුව ලද තොරතුරු මත මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීමක් සිදුකිරීමට පසුගිය 12 වන දින අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

    එහිදී මෙම කණ්ඩායම ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාවරම්කරුවන් කොටු කරගැනීමට සැලසුමක් දියත් කර තිබුණා.

    එහිදී මෙම නිළධාරීන් ජාවරම්කාර පිරිසගෙන් අයිස් නැමැති මත්කුඩු ග්‍රෑම් 500ක් රුපියල් ලක්ෂ 90කට මිලට මිලදී ගැනීමට දුරකථන ඇමතුම් ඔස්සේ සාකච්ඡා කරගෙන තිබෙනවා.

    ඒ අනුව එය මිලදී ගැනීමට පැමිණෙන අයුරින් පොලිස් විශේෂකාර්‍ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයෙකු හා යුධ හමුදා බුද්ධි නිළධාරීයෙකු මෙම සැකකරුවන් සිටි ඇල්ලවැව ග්‍රාමයට පැමිණ තිබෙනවා.

    එහිදී මෙම සැකකරුවන් මෙම නිළධාරීන් දෙපල තැන් කිහිපයකට කැඳවා තිබෙනවා.
    අනතුරුව මෙම පිරිස මෙම නිළධාරීන් දෙදෙනා කහටගස්දිගිලිය, රන්පත්විල, ඇල්ලවැව ප්‍රදේශයේ පාලු නිවසකට රැගෙන ගොස් තිබෙනවා.

    අනතුරුව ජාවාරම්කරුවන් විසින් නිළධාරීන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී කැපුම් සිදුකර නිලධාරින් සන්තකයේ තිබූ බෑගයක් රැගෙන ජාවාරම්කකරුවන් පලාගොස් තිබෙනවා.

    එම බෑගයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියාගේ 9mm වර්ගයේ ගිණි අවිය සහ උණ්ඩ 10 මැගසින් 1ක් තිබී ඇති අතර සැකකරුවන් එයද රැගෙන ස්ථානයන් පලා ගොස් සිටි බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.

    අනතුරුව තුවාල ලැබූ නිළධාරීන් දෙදෙනා කහටගස්දිගිලිය පොලීසියට පැමිණකළ පැමිණිල්ලකට අනුව මෙම සිදුවීම සිදුකර පලාගිය සැකකරුවන් සොයා කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජයන්ත ගුණතිලක මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් විමර්ශන ආරම්භ කළා.

    එහිදී සිදුකළ මූලික වැටලීම්වලින් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියාගේ 9mm වර්ගයේ ගිණි අවිය පාලුවැව ප්‍රදේශයේ අතුරු මාර්ගයක් අසල දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

    ඉන් අනතුරුව දින කිහිපයක් සිදුකල මෙහෙයුමකින් අනතුරුව පසුගියදා 19 අළුයම 3.30ට පමන ඇල්ලවැව ග්‍රාමයේ කළ වැටලීමකින් කැලෑවට යාබදව කුඩා කාමරයක සැඟව සිටියදී මෙම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් ළඟ තිබී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ අත්බෑගය, යුද හමුදා බුද්ධි නිලධාරියාගේ අත්බෑගය, නිලධාරින්ට පහරදීමට යොදාගත් පිහිය එහිදී කහටගස්දිගිලිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ප්‍රදේශයේ ජාවරම් රැසකට සම්බන්ධ නමගිය අපරාධකරුවන් වන බව සිදුකළ මූලික පරික්ෂණවලින් හෙළිව ඇති බව පොලීසිය පවසනවා.

    මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ජයන්ත ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබනවා.

    පෙර පුව​තමාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි
    ඊළඟ පුව​ත ස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group