කල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ අසූ දහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙලෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් පමුණුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබී මෙම කල් ඉකුත් වූ තිරිඟු පිටි අත්අඩංගුවට ගැනුණු බවයි වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.
එහිදී තිරිඟු පිටි කිලෝග්‍රෑම් 79050ක් සොයාගෙන තිබෙනවා.
මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගැනුණු තිරිඟු පිටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 100ක් පමණ වන බවයි.
අදාළ ගබඩා සංකීර්ණය වැල්ලවත්තේ ධර්මරාජ මාවතේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බවට තොරතුරු වාර්තා වනවා.