විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් පුවතක් වාර්තා වනවා.
අදාල පහර දීමෙන් අනතුරුව එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඌරගස්මංහන්දිය පොලීසිය පවසන්නේ.
මෙසේ රෝහල්ගකර ඇත්තේ අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන තිදෙනෙක්.
පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට වූ චෝදනා කරමින් අදාළ විදුහල්පතිවරිය විසින් සිසුවියන්ට පහර දී ඇති බව සඳහන්.
පහර දීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමවුපියන් ඌරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද












