ජර්මනියේ මියුනිච් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු මේ වන විට නතර කර තිබෙනවා.
අදාළ ගුවන් තොටුපළ කලාපය ආසන්නයෙන් ඩ්‍රෝන යානා නිරීක්ෂණය වීම හමුවේ මෙලෙස ගුවන් මෙහෙයුම් කටයුතු නතර කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඒ අනුව ගුවන් ගමන් වාර 17 ක් පමණ මේ වන විට නතර කර තිබෙනවා.
අදාළ ඩ්‍රෝන යානා පිළිබඳව මෙතෙක් තහවුරු වීමක් සිදුව නොමැති අතර, හඳුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් පසුගිය සති කිහිපයේම යුරෝපය පුරා ගුවන් තොටුපළ කිහිපයක් වසා දමා තිබුණා.