සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය අදයි.
පළමු දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 59ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 208ක් ලබා සිටියා.
මෙහිදී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින කේ.එල්. රාහුල් පන්දු 105දී නොදැවී ලකුණු 70ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේදී කගීසෝ රබාඩා ලකුණු 44ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා.
රබාඩා ලබාගත් මෙම කඩුළු 05ත් සමග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ලබා ගත් කඩුළු 500 සීමාව පසු කිරීමට ඔහුට හැකියාව ලැබුණා.