පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී ඊයේ සොයාගත් මියගිය අඹු සැමි යුවලගේ සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද (20) සිදු කෙරුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ යුවල වස පානය කිරීම නිසා මරණය සිදුව ඇති බවයි.
එම මරණ සම්බන්ධයෙන් මේ වන විට විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ.
මරණවලට හේතුව අධික ලෙස ණය වීම බවයි ඔවුන්ගේ නිවැසියන් පවසා ඇත්තේ.
ඒ අනූව මියගොස් සිටින යුද හමුදා මේජර්වරයෙක් බව කියන් සැමියා online මූල්‍ය ගනුදෙනු හා online සූදු ක්‍රීඩාවේ නිරතව සිටි බව වාර්තා වනවා.