2025 ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා.
එහිදී හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින්, “A Real Pain” චිත්‍රපටය සඳහා හිමි කර ගත්තා.
මෙය ඔහු ඔස්කාර් සම්මානය හිමිකර ගත් පළමු අවස්ථාව වනවා.
එහිදී හොඳම සහාය නිලය සඳහා හිමි සම්මානය හිමි වුයේ ‘Emilia Perez’චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාට හටයි.
හොඳම නළුවා ලෙස ‘The Brutalist’චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩි සම්මාන හිමි කරගත් අතර හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය “Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් දිනා ගත්තා.
හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුයේ “Anora” චිත්‍රපටයටයි.
හොඳම අධ්‍යක්ෂණය සඳහා හිමි සම්මානය”Anora” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් හටයි හිමි වුණේ.