ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුවරට විරේන් නෙත්තසිංහ අද තරග බිමට පිවිසෙනවා.
ඔහු බැඩිමින්ටන් ඉසව්වෙන් මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට තරග වැදීමට නියමිතයි.
ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි හත්වන ස්ථානයේ සිටින මැලේසියානු ක්‍රීඩක ලී ෂී ජියා සමඟ ඔහු එහිදී තරග වැදීමට නියමිතව තිබෙනවා.