Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔන්ලයින් වංචාකරුවන්ගේ අලුත් ඉලක්කය සංචාරක හෝටල්

    ඔන්ලයින් වංචාකරුවන්ගේ අලුත් ඉලක්කය සංචාරක හෝටල්

    2025-07-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක හෝටල් වෙන් කරගැනීමට හැකි ප්‍රසිද්ධ වෙබ් අඩවි මගින් සංචාරක හෝටල් සම්බන්ධ කරගනිමින් මෙම වංචාකරුවන් විසින් එම හෝටල්වල ගිණුම්වලට මුදල් බැර කර ඇතැයි පවසා, එම හෝටල්වල ගිණුම්වලට සම්බන්ධ ජංගම දුරකතනවලට බැංකු මගින් එක්වරක් පමණක් යොමුකෙරෙන ඕ.ටී.පී. (OTP) අංක ලබාගන්නා බව එම විමර්ශන ඒකකය පෙන්වා දුන්නේය. තවද ඒ අනුව එම හෝටල්වල ගිණුම්වලින් ඔවුන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගන්නා බව ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සඳහන් කළේය.

    මේ වනවිට එවැනි පැමිණිලි බොහෝ ප්‍රමාණයක් ලැබී ඇතැයි ද කිසිදු අවස්ථාවක බාහිර පාර්ශ්වයකට ජංගම දුරකථනයට ලැබෙන ඕ.ටී.පී. අංක ලබානොදෙන ලෙසද එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    විදේශිකයන් මෙන් ඉංග්‍රීසි බස හසුරවමින් ඔවුන් සංචාරක හෝටල් වෙත කතා කර ඔවුන් රවටා ගන්නා බවත් පසුව පෙර කී ආකාරයට එම හෝටල්වල ගිණුම් මුළුමනින්ම එම කණ්ඩායම් විසින් හිස් කරන බවත් කී එම විමර්ශන නිලධාරීහූ මෙම ක්‍රියාවට වැඩි වශයෙන් නයිජීරියානු ජාතිකයන් සම්බන්ධ බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිව ඇතැයි පැවැසූහ.

    මීට අමතරව ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ කාන්තාවන් සම්බන්ධ කරගනිමින් ඔවුන් විවාහ කරගන්නා බව හා විදෙස් රටකට ගෙන්වා ගන්නා බව කියමින් රවටන බවද එම නිලධාරීහු සඳහන් කළහ.

    ඔවුනට විශාල තෑග්ගක් එවීමට යැයි කියමින් වංචනික ලෙස එම කතුන්ගේ බැංකු ගිණුම් තොරතුරු හා ඊට සම්බන්ධිත දුරකථන අංකවලට යොමුකරන ඕ.ටී.පී. අංක ලබාගෙන එවැනි කාන්තාවන්ගේ ගිණුම්වලින්ද මුදල් ලබාගන්නා බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් ද පැමිණිලි රැසක්ම පොලිස් ස්ථාන වෙත ලැබී ඇතැයි කී නිලධාරිහු මෙම සියලුම වංචාවන් මහජනතාව තුළ පවතින අනවබෝධය හා අසීමිත විශ්වාසය මත සිදුව ඇතැයි පොලිසිය පැවැසීය.

    එසේම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිදුකරන නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන රැසක් සඳහාම ජාවාරම්කරුවන් යොදාගෙන ඇත්තේ අන්සතු බැංකු ගිණුම් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

    මෙම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූවන් බව හඳුනාගෙන ඔවුන්ට මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ලබාදී බැංකු වෙත යවන බවද මතට ලොල් වූ එම පුද්ගලයන් තම ජාතික හැඳුනුම්පත් අංකයට අනුව නව ගිණුමක් විවෘත කර මුදල් ගැනීමේ කාඩ්පතක්ද ලබාගන්නා බවද විමර්ශන නිලධාරිහු හෙළිකළහ.

    ඒ අනුව ජාවාරම්කරුවන් එම ගිණුම් පොත හා කාඩ්පත උපයෝගී කරගෙන ජාවාරම් කරගෙන යන බවද බොහෝ විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පෙන්වා දෙයි.

    පෙර පුව​තT56 ගිනි අවියක් ළඟ තබාගත් සැකකරුවෙක් ගැන CIDයෙන් පරීක්‍ෂණ
    ඊළඟ පුව​ත හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

    සබැ​ඳි පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group