ඔඩ්ඩිසුඩාන් සහ රාජාංගණය පොලිස් වසම්වල පෙරේදා (27) සැක කටයුතු මරණ දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
රාත්‍රී ඔඩ්ඩිසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක පුද්ගලයකු පාපැදිය සමඟ වැටී සිටින බවට ඔඩ්ඩිසුඩාන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. හිසේ ලේ ගලමින් සිටි තුවාලකරු, ඔඩ්ඩිසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් මාන්වෝලේ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වූ පෙරියකුලම්, නැදුන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
මේ මරණය මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් ස්වාභාවික මරණයකින් සිදු වූවක්ද යන්න සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔඩ්ඩිසුඩාන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
රාජාංගණය පොලිස් වසමේ යාය 18 ප්‍රදේශයේ පුද්ගලයකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට රාජාංගණය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වූ කලාඔය, රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
මියගොස් ඇති පුද්ගලයාගේ දෑත් සහ පාද ගැට ගසා තබා ඇති බැවින්, මේ මරණය මනුෂ්‍ය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර රාජාංගණය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














