කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද පස්වරු 01ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
කැනඩාවේ බෞද්ධ සම්මේලනය සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්රවෘත්ති නිවේදනයක් මඟින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කරනු ලැබුවා.
එමෙන්ම කැනඩාවේ බෞද්ධ සම්මේලනය සඳහන් කරන්නේ මෙම ඝාතනය සිදුවූ පවුලේ ජීවත්ව සිටින පියා වෙන ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින බවයි.
එමෙන්ම අවසන් කටයුතු සඳහා සිද්ධියෙන් තුවාල ලබා සිටින ඔහුද සහභාගීවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.