නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දෙන බව ආසියා සංවර්ධන බැංකුව අග්‍රාමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කළා.
ආසියා සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කදෝනෝ මහතා ඇතුලු නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වුණා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම හමුවේ දී වත්මන් රජය ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර සහ ලබන වසරේ පාසල් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම ඒ සඳහා පවතින අභියෝග පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදි ආසියා සංවර්ධන බැංකුවේ පිරිස දැනුවත් කළා.
නව විෂය මාලා සකස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණා.