එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අද(23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය කියා සිටියේ ඒම හතා ලබන 26 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවයි.
මෙම සංචාරය තුළදී ඒ මහතා ජනාධිපති සහ අගමැතිවරිය හමුවීමටද නියමිතයි.
එසේම විදේශ කටයුත, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා, තවත් කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද මෙම සංචාරය අතරතුර මුණගැසීමට නියමිත බවයි වාර්තා වන්නේ.