ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවය නිම කිරීමෙන් අනතුරුව ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන්, ඊයේ (ජුනි 20) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී තිබෙනවා.
මෙම සුහද හමුව අතරතුරලුතිනන් කර්නල් නෙල්සන් තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ උත්සාහය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළා.
එමෙන්ම දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු කිහිපයක් මෙන්ම ආරක්‍ෂක ක්ෂේත්‍රයේ අඛණ්ඩ සහයෝගීතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
හමුව අවසානයේදී දෙරට අතර පවතින සබඳතාව සහ දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු වුණා.