වගා නොකරන සියලු කුඔුරු සහ ගොවි ඉඩම් වගා කරවීමේ අරමුණින් ගොවිජනතාව දැනුවත් කිරීමේ “එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන පොල්ගහවෙල – හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිටින් අද ආරම්භ වනවා.
ඒ කෘෂිකර්ම සහ පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන්.
මේ යටතේ දිවයින පුරා ගොවිජන සේවා බල ප්‍රදේශ 566 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ආහාර සංචිත පවත්වා ගෙන යාම මෙන්ම දේශීය ආහාර පරිභෝජනය කිරීම සහ කෘෂි බෝග ආශ්‍රිත අපනයනය ඉහළ නැංවීම මෙම වැඩසටහනේහි අරමුණයි.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම ලබන 23 වනදා දක්වා සිදු කෙරෙනු ඇති.