
උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ සිසු සැරිය බස් රථ 1,700 ක් පමණ ඊට යොදවා ඇති බවයි.
මේ අතර උසස් පෙළ විභාගය අවසන් වන තුරු පාසල් බස් සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරනවා. එමෙන් ම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අවලංගු කිරීමකින් තොරව, සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා.














