නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් උසස් අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කල යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වූ අවසථාවේදීයි.
උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව මෙලෙස රැස්ව තිබුනේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් යුතුවයි.
උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාවය අවධාරණය කරමින් දැනට පවතින ප්‍රතිපත්තීන්, නීති සහ නියාමන රාමු සමාලෝචනය කර, නව යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීම අවශ්‍ය බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සදහන් කලේ .
මෙහිදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළා.
එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම නව ජාතික ප්‍රතිපත්ති සමාලෝචනය හරහා මූලික මට්ටමේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති සංවර්ධන යෝජනා ගොඩනැගීමේ අරමුණ ඉටු කිරීමට පියවර ගත හැකි වනු බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.