“උමා ඔයෙන් පැල්වත්තට” ජාතික වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
උමා ඔය ව්‍යාපෘතිය මගින් නිකුත් කෙරෙන ජලයෙන් කොටසක් ඇල මාර්ගයක් ඔස්සේ බුත්තල පැල්වත්ත ජනාවාස 10 ප්‍රදේශයේ අක්කර දෙක වැවට මුදා හැරෙනවා.
එමගින් ගොවිපවුල් දහසකට පමණ සෙත සැලසෙන අතර අක්කර පන්දහසක උක් වගා කිරීමටද අවස්ථාව උදාවනවා.
එමගින් වසරකට සීනි මෙට්‍රික් ටොන් හයදහසක් හා එතනෝල් ලීටර් අටලක්ෂ හැත්තෑහත් දහස් පන්සීයක් නිෂ්පාදනය කිරීම රජයේ අරමුණයි.