නව උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පළාත් මට්ටමින් සිදුකෙරෙන බවයි.
කළුතරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රිසි සහ විදේශ භාෂා විෂයන් සදහා නව උපාධිධාරීන් බදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
අධිකරණ මගින් ලබා දී ඇති තහනම් නියෝගයක් හේතුවෙන් ගුරු – විදුහල්පති බදවා ගැනීම් ප්‍රමාද වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ.