අමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ස්ටොක්ටන් නගරයේදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකුට වෙඩි වැදී ඇති අතර, ඉන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය තහවුරු කර ඇත්තේ,ස්ටොක්ටන්හි ළමයකුගේ උපන් දින සාදයකදී වෙඩි තැබීමක් පිළිබඳ වාර්තා ලැබුණු බවයි.
උප නගරාධිපති සැන් ජෝකින් අදහස් දක්වමින් කියා සිටියේ, “මෙම ප්‍රජාව තුළ හැදී වැඩුණු කෙනෙකු ලෙස – ළමයකුගේ උපන් දින සාදයකදී සිදු වූ මෙම දැවැන්ත වෙඩි තැබීම ගැන දැන ගැනීමට ලැබීමෙන් මම දුකටත් කෝපයටත් පත්ව සිටිනවා” යනුවෙන්.
ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය සහ මහජන ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත්, සිදුවූ දේ තේරුම් ගැනීම සඳහා විමර්ශන තොරතුරු කඩිනමින් ඉල්ලා සිටින බවත් පැවසුවා.
තොරතුරු සීමිත නමුත් මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ මෙය ඉලක්කගත සිදුවීමක් බවත්, විමර්ශකයන් සියලු අංශ ගවේෂණය කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, මෙම ඛේදවාචකයට තුඩු දුන් තත්වයන් තීරණය කිරීමට රහස් පරීක්ෂකවරුන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටිනවා.











