Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

    උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

    2025-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසරේ අවසන් පොහොය දිනය ලෙස සලකනු ලබන උදුවප් පොහෝ දිනය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට සුවිශේෂි වන්නේ මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් මෙරටට වැඩමවීම අද වැනි දිනක සිදුවීම හේතු කොටගෙනයි.
    ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දිනක පිහිටවනු ලැබුවා.
    එම අවස්ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදි වීමට අවසර ඉල්ලා තිබුණා.
    එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට අවවාද කර පවසා ඇත්තේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි.
    තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම එයට වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.
    ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ද වැඩමවාගෙන එන ලෙස රජතුමාට උපදෙස් දී තිබුණා.
    ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස් රජතුමා විසින් හසුනක් පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.

    එම ඉල්ලීම පිළිගත් ධර්මාශෝක රජු මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණිය, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් සහ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට පිටත් කර එවනු ලැබුවා.
    ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩමවීම බුදුරජාණන් වහන්සේගේ ද අධිෂ්ඨානයක් වූ බවයි බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත්තේ.
    ඒ අනුව උදුවප් පුර පසලොස්වක පොහෝ දිනක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩමවනු ලැබුවා.
    එමෙන්ම බෞද්ධයින්ට ඉතා වැදගත් වූ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද වැනි උදුවප් පුර පසලොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක් වනවා.

    පෙර පුව​තකාලගුණය හේතුවෙන් ආසියාවේ රටවල් කිහිපයකටම දැඩි බලපෑම්
    ඊළඟ පුව​ත බදුල්ලේ මාර්ග රැසක බස් රථ ධාවනය යළි ඇරඹේ

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group