පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය එතුමා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පී උද්ධික ප්‍රේමරත්න මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට පිවිස තිබුණා.
මෑතකදී එතුමා ඉලක්ක කර එතුමාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්ද එල්ලවූ බවට වාර්තා පලවුණා.