Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට පිය‍වර

    උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට පිය‍වර

    2024-03-12කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙරට ඉදිරි වසර පහ තුළ සිදු කෙරෙන සෞඛ්‍ය සංවර්ධන කටයුතුවලට ලෝක බැංකු ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය තුළින් රුපියල් බිළියන පහකට අධික මුදලක් ප්‍රමාණයක්.
    උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනූව සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (11) උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
    මෙහිදී , දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, දිසා රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
    මෙහිදී රෝහල්වල කාර්ය මණ්ඩල අනුමත ප්‍රමාණය වර්තමානය වනවිට ප්‍රමාණවත් නොවන බව රෝහල් බලධාරීන් විසින් පෙන්වා දුන් අතර එයට විසඳුමක් ලෙස දැනට පුහුණු වීම් ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් යම් ප්‍රමාණයක් ලබා දීමටත් අවශ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණය පිළිබඳව කළමණාකරණ දෙපාර්තමේන්තුව දැනුවත් කොට අවශ්‍යය අනුමැතිය ගැනීමටත් තීරණය විය.
    බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගවල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව මෙහිදී හෙළිවුණු අතර ඒ සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් , ප්‍රතිකාර වැඩසටහන් ප්‍රමාණය වැඩි කිරීමටද, විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමටද අවධානය යොමුවිය.
    පළාත තුළ ස්ථාපිත සමහර රෝහල්වලට අවශ්‍ය සමහර වෛද්‍ය උපකරණවල යම් අඩුවක් තිබෙන බව රෝහල් පාලන අධිකාරිය විසින් පෙන්වා දුන් අතර එම වෛද්‍ය උපකරණ ගැනීමට අවශ්‍යය මුදල් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී සදහන් කළේය.
    පළාත තුළ ස්ථාපිත කර ඇති විශේෂ රෝහල් සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය වුණු අතර වකුගඩු රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුකරණ ඒකක අලුතින් ස්ථාපිත කිරීමට ද සාකච්ඡා විය.
    උතුරු පළාතේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පවතී ද, රෝහල්වලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදය පිළිබදවත්, සෞඛ්‍ය ලේකම්වරයා විසින් කරුණු විමසූ අතර ඖෂධ සැපයීමේ ප්‍රගතියක් පවතින බව මෙහිදී වාර්තා වූ අතර ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි ඖෂධ ගබඩා ස්ථාපිත කිරීමට අවශ්‍යය පියවර ගැනීමට උපදෙස් දුන්නේය.
    මෙහිදී සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව විමධ්‍යගත සේවාවක් වුවත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගියා එම රෝහල පළාත් සභා ද, මධ්‍යම රජයේ ද කියා දැනුවත් භාවයක් නොමැති හෙයින් පළාත් සභාව හා මධ්‍යම රජය අතර මනා සුභදතාවයකින් රෝගියාට අවශ්‍ය සේවාව ලබා දිය යුතු බවත්, එය සෞඛ්‍ය සේවාවේ සිටින අප සැමගේ පරම යුතුකමක් බව ය.
    ලෝක බැංකු ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය තුළින් මේ පළාතේ ඉදිරි වසර පහ තුළ සිදු කෙරෙන සෞඛ්‍ය සංවර්ධන කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
    මෙම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මුළතිවි දිස්ත්‍රික් මහ රෝහලේ සහ මුළතිවි දිස්ත්‍රික්කයේ සම්පත්නුවර ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණයකටද එක්වුණු අතර සම්පත්නුවර ප්‍රාදේශීය රෝහල තුළ වකුගඩු රෝගීන් සදහා රුධිර කාන්දු කරන ඒකකයක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් උපදෙස් ලබා දුන්නේය.
    ඒ සදහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද කඩිනමින් අනුයුක්ත කිරීමට ක්‍රියා කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
    ආශ්‍රීත පුවත්:  39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ජය නාවික හමුදාවට
    Sri Lanka
    පෙර පුව​තඅදත් රස්නෙයි හිතවතුනි
    ඊළඟ පුව​ත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group