උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉන් වැඩිම පිරිසක් රෝහල් ගතවන්නේ නිවාස ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන් බවයි.
ඒ අනුව අනතුරු අවම කර ගැනීම සඳහා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රේණුකා මහානාම මහත්මිය ජනතාව ට දැනුම් දී සිටියා.