සිංහල-හින්දු අළුත් අවුරුදු නිවාඩුවත් සමග යෙදුනු සති අන්තයේ හා ඉන් පසුවත් නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ශ්රීපාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා.
දිවයිනේ විවිධ ප්රදේශවල සිට බෞද්ධ, හින්දු ඇතුළු අන්යාගමිකයින් රැසක් මෙසේ ශ්රීපාදස්ථානය බලා පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ .
දුම්රියෙන් හැටන් බලා පැමිණෙන වන්දනාකරුවන් සඳහා විශේෂ බස් සේවාවක් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් යොදවා තිබෙනවා.