පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධ චෝදනා වලට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහුජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ මුක්තාර් අන්සාරි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
60 හැවිරිදි මුක්තාර් අන්සාරි ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටියේ ව්‍යාජ අවිආයුධ බලපත්‍ර නඩුවකට වරදකරු වීමෙනි.
ඔහු විසින් භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දෙමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශපාලන කටයුතුවල නිරතව සිටි ක්රිෂ්ණානන්ද් රායි ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකු 2005 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව වසර 10ක සිරදඬුවම් විඳිමින් සිට ඇත.
මියයෑමට දින 10කට පෙර මුක්තාර් අන්සාරි අධිකරණයක පෙනී සිටි අවස්ථාවේ, තමාට වස මිශ්‍ර ආහාර ලබාදීම හේතුවෙන් ස්නායු වේදනාවකින් පීඩා විඳින බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.