උඩුනුවර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් ඒකාබද්ධ විපක්ෂය වැඩි ඡන්ද 9කින් ජයග්‍රහණය කර තිබෙනවා.
ජාතික ජන බලවේගයට පක්ෂපාති පිරිසට මෙහිදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට නොහැකිවීම විශේෂත්වයක් වනවා.
සමගි ජන බලවේගයේ උඩුනුවර ආසන සංවිධායක මාධව ජයවර්ධන මහතා කියා සිටියේ ඡන්දය ජයග්‍රහණය සඳහා ආණ්ඩු හිතවාදී කණ්ඩායම විවිධ කටයුතු කළත් විපක්ෂය ඒකාබද්ධවීම හේතුවෙන් ඔවුන්ට අන්ත පරාජයක් අත්කරදීමට හැකි වූ බවයි.