නාවලපිටිය සහ ඉඟුරු ඔය දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ වනවිට දුම්රිය සේවකයින් විසින් ගස ඉවත්කිරීමේ කටයුතුවල නිරතව සිටින බවටයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.