මවගෙන් වෙන් වී තේ වත්තක අතරමංව කුසගින්නෙන් සිටි උගුඩු පැටවුන් දෙදෙනෙක් බගවන්තලාව බි්‍රඩ්වෙල් වතුයායේ පදිංචි වතු කම්කරුවෙකු අද(20) පස්වරුවේ හමු වූ තිබෙනවා.
මීට දින කිහිපයකට ප්‍රථම බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ සිරිපුර ප්‍රදේශයේදී වාහනයක ගැටී මියගොස් සිටි උගුඩුවෙකුගේ පැටවුන් බවට සැකකරන බවයි එම වතු කම්කරුවා කියා සිටියේ.
වාහනයක ගැටී මියගිය උගුඩුවා වැටී සිටි තේ වත්ත අසලාම මෙම පැටවුන් දෙදෙනා සිටි බවත් එම උගුඩු පැටවුන් දෙදෙනා නිවසට රැගෙනවිත් කුසගින්නෙන් සිටි නිසා කිරි පෙවූ බවත් කිරි බී සිටින උගුරු පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවයි එම වතු කම්කරුවා කියා සිටියේ.














