අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට සිය රට ගරු කරන්නේ, ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා. සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත යනුවෙන් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඒ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව තුර්කි විදේශ අමාත්‍යාංශයද ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන් නතර කරන ලෙස දන්වා මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්. මේ අතර සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත් ප්‍රහාර එල්ල නොකල බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.
උණුසුම් පුවත්
- සම්පත් මනම්පේරිට අයිති වාහන තුනක් පොලිස් භාරයට
- වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
- හෙරොයින් සහ අයිස් කිලෝ 300ක් සමග ධීවර බෝට්ටුවක් මාට්ටුවෙයි
- පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ අයෙකුට ප්‍රහාරයක්
- පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
- කොටපොළ සමූපයේ බලයත් පොහොට්ටුවට
- කොටහේනේ ඝාතනයට සැකපිට තිදෙනෙක් අල්ලයි
- ත්‍රීරෝද රථ අනතුරෙන් එක පවුලේ පහක් රෝහලට













