පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සටන් විරාමයකට ඊශ්‍රායලය එකග වී ඇති පසු බිමක මෙම ප්‍රහාරය සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඊශ්‍රායලය සරණාගත ජනතාව නවාතැන් ගෙන සිටින කූඩාරම් සහ ආධාර මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කරන බවයි.
සති පහක් වැනි කෙටි කාලයක් තුල 600 කට අධික පලස්තීන සරණාගත ජනතාවක් ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
දින 60 ක සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය එකගතාවය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් එම සටන් විරාමය සම්බන්ධයෙන් සිය එකග තාවය පළ කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපදය සදහන් කළේ මෙම සටන් විරාම සාකච්ඡා සදහා එක්සත් ජනපදය නිසැක වශයෙන්ම එකග විය යුතු බවයි.
උණුසුම් පුවත්
- මී කඩන්න ගිහින් ජීවිතෙන් වන්දි ගෙවයි
- ළමුන්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සමුළුවක්
- කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි
- ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්
- තමිල්නාඩු ධීවරයින් 185 දෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හඳුනාගැනීමේ වැඩපිලිවෙලක්
- ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
- ත්‍රස්තවාදය වැලැක්වීමට පාක්ස්ථාන දායකත්වයට එක්සත් ජනපදයෙන් පැසසුම්