ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදියි.
මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 28,382 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 23 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 254 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 162 ක්.













