පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ සිව්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
ඒ අතරින් පසුගිය සිකුරාදා පැවති තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරදා ලකුණු 22 ට 6 ක ජයක් ලැබීමට සමත් වුනේ කොළඹ ඉසිපතන විදුහලයි.
එම තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණේ.
එමෙන්ම මෙම තරගාවලියේ තවත් තරගයක් පසුගිය සෙනසුරාදා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත් වුනා.
එහිදී ලකුණු 29 ට 22 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කිරීමටයි විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩකයන්ට හැකි වුණේ.
එදිනම තවත් තරගයක් පැවැත් වුනේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතරයි.
එහිදී ලකුනු 22 ට 10 ක් ලෙස ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට ශාන්ත පීතර විදුහලට හැකියාව ලැබුනා.
ඊට අමතරව කොළඹ රාජකීය විදුහල සහ මරදාන සහිරා විදුහල අතරද පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම තරගාවලියට අයත් තවත් තරගයක් පැවැත් වුනා.
එම තරගයෙන් සහිරා විදුහල පරදා ලකුනු 44 ට 03 ජයක් වාර්තා කරනු ලැබුවේ රාජකීය විදුහලයි.
මෙම පාසල් රග්බි ලීග් තරගාවලියට අයත් තවත් තරග දෙකක් ඊයේ දිනයේදීත් පැවැත් වුනා.
ඒ අතරින් පළමු තරගය ක්‍රීඩා කෙරුනේ කොළඹ වෙස්ලි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතරයි.
එහිදී ලකුනු 30 ට 29 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කර තියුනු ජයක් වාර්තා කිරීමට සමත් වුනේ කොළඹ වෙස්ලි විදුහලයි.
මෙම තරගාවලිය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය විසින් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජය කිරීමට සමත් වුනා.
ඒම තරගයේ ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 48 ක් රැස් කරන විට කිංස්වුඩ් ක්‍රීඩයකින් ට ලබා ගත හැකි වූයේ ලකුනු 15 ක් පමණයි.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට