ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නිවේදනය කරනවා.
ජුලි 03 වැනිදා සිට ඇති වූ තාක්ෂණික යටිතල පහසුකම් ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා අත්හිටුවා ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එය ලබන 9 වැනිදා දක්වා අක්‍රියව පවතිනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
සිදුවන අපහසුතා සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමටද කටයුතු කරන බවයි පවසන්නේ.