ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ප්‍රහරයක් එල්ල කර තිබෙනවා. ඉරාන මාධ්‍ය පැවසුවේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරු ද සජීවීව පටිගත වී තිබෙනවා. පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීම ආරම්භ කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම සිදු වීමට පැයකට පමණ පෙර ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- BREAKING NEWS : මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
- UPDATE : පස් කන්ද කඩා වැටීමෙන් සේවකයන් තිදෙනෙක් මරුට
- ලෝක හදවත් දිනය අදයි
- වැඩිම පාසල් ළමුන් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිරින් බවට අනාවරණයක්
- පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලයි
- කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
- වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
- වලපනේ මහ ඌව ප්‍රදේශයේදී බස් අනතුරක්